Wednesday, September 17, 2014

බස් එකේ වෙච්ච වැඩක්

දිග කතාවක් වගේම ආතල් පොස්ටුවක් :) හදිස්සියට බාගයක් කියවලා මට වලත්තයා කියලා බැනලා යන් නැතුව සම්පුර්ණ පොස්ට් එකම සිහි බුද්දියෙන් කියොල.. හිතෙන දෙයක් කියන්න මෙහෙම කරන උනුත් මේ පොස්ට් එක කියෝනව ඇති... පවු ඉතින් මන් දන් නෑ :/ ඔක්කොම කියවන්න බයිනම් කියවන් නැතුවම ගියාට කමන් නෑ... පිස් 16 + අඩු කස්ටිය කියවීමෙන් වලකින්න... මොකඩ මේකේ හුගක් තියෙන්නේ 18 + පස් එත් මේවා වැඩිපුර කරන්නේ 16 + තත් අඩු උන් :3 මන් දන් නෑ කියෝන උන කියෝපංලා
ලගදි දවසක හදිස්සියෙම මම A/C බස් එකකට ගොඩ උනේ යන්න ගිහින් සෑහෙන්න පරක්කු වෙච්ච ගමනක් ඉක්මනට යන්න හිතාගෙනය. ශ්‍රී ලංකාවෙ බස් වල තියන ආශ්චර්යට නැගපු ගමන් බස් එකේ පස්සටම යන්න සිද්ද උනේ නීතිය අකුරටම පිලිපදින මෙම බස් රථයේ සීට් ගනනටම සෙනග වාඩිවී සිටි නිසාත් සීට් අතර තිබිය යුතු චූට්ටං සීට් මෙහි නොතිබූ නිසාත්ය. ඉදගන්න සීට් නැතුව මල අසූහරදාහට පැන සිටි මාගේ හතර වටේට බ්‍රමණය වූ හිස එක් ක්ෂණයකින් නතරවූයේ මා අසලම තිබූ  පිටුපස අසුනේ විකාශණය වෙමින් තිබූ අතිශයින් වැඩිහිටියන්ට පමණයි වූ චිත්තරපටිය නිසාවෙනි. මාගේ ගත තිබූ වෙහෙස කොහෙන් ගියාදැයි මම අද වන තුරු දන්නේ නැත. අපේ අම්මාගේ වදන් මට සිහි වූයේ මෙවෙලේය. "පුතේ දුර බලන්න කලින් ලග බලපං" මම බසයේ හතර වටේ බලන්නට කලින් ලග බැලුවානම් මීට කලින් මගේ වෙහෙස නිවෙන්නේය. මට මොහොතකට සිතුනේ මම මේ බස් රථයකට රිංගුවේද නැතිනම් හනිමූන් කපල් එකක් සිටින හෝටල් කාමරයකට වැරදිලාවත් රිංගුවාද කියාය. සිද්ධිය ඒ තරම් ජුගුප්සාජනකය. (මේ තේරුම එහෙම අහන්න එපා) මගේ ඇගේ මයිල් ඉස්මයිල් වී ගියේය. ලැජ්ජ බයට හැදුනු කොල්ල නිසා එක එල්ලේ බලන්නටත් බැරිය. කොච්චර උත්සහ කලත් නොබල සිටින්නටද බැරිය. උන්ට හොදනම් අපිට පාංද. මම බසයේ අනිත් අයට හොරෙන් ඒ දෙස බලන විට බසයේ අනිත් අය මට හොරෙන් ඒ දෙස බලයි. සාකච්චා මාර්ගයකට පැමිණියානම් සියල්ලන්ටම සහයෝගයෙන් මෙය නැරඹිය හැක. :) උං මේ දර්ශණයට විරැද්දව කසු කුසු ගාන ගමන් හොරෙන් ඒ දෙස බලයි. මගේ ලග සිටි කොල්ලා මට තට්ටු කර ඇසකින් ඉගි මැරීය. උගෙ හිතේ මා ෆිල්ම් එක නොබලනවා කියාය. ඒවා හදේය. මාගේ සියළු ඇන්ටනා ඇතුළුව සියළුම චුම්බකයන් ඒ වෙත ඇදී ගොස් හමාරය. මම ඌට නෝන්ඩි හිනාවක් දැම්මෙමි. මාත් සමග ෆිට් වූ කොල්ලා සමග විවිධ දේ කතා කරමින් සහයෝගයෙන් ෆිල්ම් එක නැරඹුවෙමි. මුදල් මත පදනම් නොවී කිසිදු වෙළද දැන්මීමකින් තොරව විකාශනය වූ මෙම චිත්තරපටිය දැන්නම් එහි උච්චතම ස්ථානයට පැමිණ තිබේ. මෙහි ප්‍රධාන නළුවා අනිවාර්යෙන්ම හොර කරන්නට ඇත. සාමාන්‍ය මනුස්සයෙකුට මෙතරම් වෙලා දරාගන්නට නොහැකිය. මම ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සිටියානම් අනිවාර්යෙන්ම මොහුව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරවමි. මොහු අනිවාර්යෙන්ම තහනම් උත්තේජක ලබා සිටිය යුතුය.මේවන විට නම් එක තත්පරයක්වත් අපතේ නොහැරිය යුතුය. අන්තිම චුට්ට හොදම චුට්ටය.මුළු බස් රථයම වාගේ කසු කුසු ගාන්නේ මෙම චිත්තරපටිය ගැනය. වයසක ඇන්ටි කෙනෙක් "අනේ අපොයි" කීවාය. :/ ඇය දුන් මුදලට උපරිම තෘප්තියකට නොපැමිණියා විය හැකිය. කොල්ලන් වශයෙන් අප නම් අපගේ උපරිම තෘප්තියේ අන්තිම ඩින්ගිත්තටද පැමිණ සිටියෙමු. නමුත් නලුනිලියන්ට නම් වගේ වගක් නැත. උන් උන්ගේ පාඩුවේ රංගන කටයුතු වල යෙදෙයි. අපි අපේ පාඩුවේ නැරඹුම් කටයුතු වල යෙදුනෙමු. මද වේලාවකින් මට ඉදගන්නට සීට් එකක් ලැබුණි. මට ඉදගන්නට බැරිය. ඉදගත්තොත් චිත්තරපටිය අපරාදේය. ඉදනොගෙනද බැරිය. අවසානයේ කොන්දොස්තර මාමාගේ බලවත් ඉල්ලීම පරිදි ඉදගන්නට සිදුවිය. ඉදගත්තද මගේ සැටලයිට් සියල්ල ඇත්තේ චිත්තරපටිය දිසාවෙනි. රූප නොපෙනුනත් නෑසෙන්නට මෙන් එන  හඩනම් හොදටම ඇසේ. අත්දැකීම් සම්බාරයක් ඇති නිසා හඩ ඇසීමෙන් රූප මවා ගත හැකිය. නමුත් තාත්වික ගතියක් නැත. ඔළුව හරවන්නටම සිතේ. එහෙත් ලැජ්ජාව එසේ කරන්නට දෙන්නේ නැත. දැන් නම් මම බහින තැනද ලංවෙමින් තිබේ. මගේ සිත දුකින් පිරී ඉතිරී ගියේය. ආයි කවදා මෙහෙම ස්වබාවික චිත්තරපටියක් බලන්නද. :3  මම නැගිට ඉදිරියට ගියෙමි. චිත්තරපටියට අවසාන බැල්මද හෙලා නරඹන්නට සිතින් සුභාසංසනය ( තෙරුමනම් දන් නෑ ) කර ඉක්මන් කර බැහැ ගතිමි.
ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නෙ. මොකද්ද මේකට හේතුව. තමන්ගෙ කෙල්ලත් එක්ක බස් එකක් අන්තිම සීට් එකේ යන එක වැරුද්දක් නෙවෙයි. ඒත් ඒ සීට් එක තමන්ගෙ ගෙදර ඇද කරගන්නෙ මොකටද. එහෙම කරගන්න ඕනි නම් ඒවට වෙනම තැන් තියනවනේ. මෙහෙම හැසිරෙන අය ඇත්තටම ආදරේ කරනවාද. ඇත්තටම මේ දෙන්නා ආදරේ කලත් අන්තිමට බුට් එකකින් මේක අහවර වෙන්න ඉඩ තියෙනවා.. :/ තමන්ගේ ගෑනිගෙ ආත්ම ගරුත්වය බල්ලට දාලා තමන්ගේ ආසාවන් සන්සිදවාගන්නේ මේ මනුස්සය ඒ කෙල්ලට ඇත්තටම ආදරේ නිසාද. මේක මේ තනිකරම මිනිහගෙ විතරක් වැරුද්ද නෙවෙයි. ගෑනි දැනගන්න ඔනි මිනිහව හදාගන්න. තමන්ගේ මනුස්සයා , තමන් පනටත් වඩා ආදරය කරන කෙනා උනත් ලෝකෙම ඉස්සරහ ඒ කෙල්ලගෙ නිරුවත පෙන්නනවනම් ඒ මනුස්සයට ඇති ආදරෙන් පලක් නෑ. තමන්ගෙම සිහින ලෝකෙ තනිවෙලා ඉන්නකොට සමහරවිට වටපිටාව ගැන වැටහීමක් නැතුව ඇති. ඒත් වටේ ඉන්නේ ඇස කන් නැති උන් නෙවෙයිනේ......  එහෙම උන් තමා ඔය ෆේස්බුක් ඇවිල්ලා කෙල්ලෙක්ටවත් ඉන්න දෙන නැත්තේ.. ඇත්තටම මේක දෙන්නගෙම වැරැද්ද නෙමේ දුර්වලකම ගෙදරට යනකන් ඒ තියෙන ආසාව පවුස් ( # පාලනය  ) කරගෙන ඉන්න බැරි නොහැකියාව.. නොහැකියාව කිව්වට මේක ආත්ම ශක්තියක් නැති කම.. අපි හිතමු මුන් දෙන්නගේ ලවු එක බුට් එකකින් අහවර උනා කියලා.... එත් එහෙම උනා කියලා උන් දෙන්නා මහන වෙන් නැනි දෙන්නම වෙන උන් දෙන්නෙක්ව බදිනවා :/ ( කොල්ලටනම් අවුලක් නෑ ) එත් අර කෙල්ලව බදින්න ජෝජනා කරන කොල්ලා සමහරවිට ඒ බස් එකේ උන්ගේ සින් එක බලන් හිටපු අපි අතරින් කොල්ලෙක් වෙන්න පුලුවන්... අන්න එදාට කෙල්ලට මතක් වෙයි මන් එදා කරපු ඒ වැරැද්දේ තරම කියලා :/ මාත් බන් ඔවුන් වගේම තරුණ වයසේ කොල්ලෙක් මේවා ලියන්නේ ඔය හැගීම් නැතුව නෙමේ මගේ මොලේ *()#@%( දන්නේ මම කෙල්ලෝ 4-5 ක් එක්ක ලවු කරලා බුට් කන්න ඇති බුට් තියන්නත් ඇති එත් ඒ කෙල්ලට පාරේ බැහැල යන්න බැරි වැඩක් කරලා නෑ..කාටවත් පෙන්න කරලා නෑ 

No comments:

Post a Comment